ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදරිපත් කළ අයවැයෙන් රාජ්‍ය සේවක අවම මූලික වැටුප රුපියල් 15750කින් වැඩි කිරීමට යෝජනා ඉදිරිපත් කළත් එහිදී සිදුවන අවම ශුද්ධ වැටුප් වැඩිවීම රුපියල් 8250කි.
අයවැය රුපියල් 15750ක මූලික වැටුප් වැඩිවීමක් යෝජනා කරමින් රාජ්‍ය සේවක වැටුපට මීට පෙර එකතු කර තිබූ (එල්ලන ලද ) රුපියල් 7500ක් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
2019 වසරේදී හා 2022 වසරේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුපට රුපියල් 2500ක් හා රුපියල් 5000ක් එකතු කර තිබුණ අතර එම වැටුප් එකතු කිරීම සිදුකළ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛණ නව අයවැය මගින් අවලංගු කර තිබේ.
මේ අනුව රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප ශුද්ද වැඩි වී ඇත්තේ රුපියල් 8250කි. කෙසේ වෙතත් මූලික වැටුප වැඩිවීම ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප්, ඉදිරියේදී සිදුවන වැටුප් වර්ධක මෙන්ම අනෙකුත් එකතු කිරීම්ද ඉහළ යනු ඇත.
අයවැය මගින් යෝජනා කළ වැටුප් වැඩිවිම අප්‍රේල් මාසයේදී සිදුවෙයි. එහිදී රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප 5975 කින් (5000 + (8750-5000) * 30%) + 975) වැඩි වෙනු ඇත. ඉන් අනතුරුව 2026 ජනවාරි මාසයේදී හා 2027 ජනවාරි මාසයේදී මෙම වැටුප් වැඩිවීමට අදාළ ඉතිරි මුදල් මූලික වැටුපට එකතු වෙනු ඇත.