රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල මූලික අදියර අවසන්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව තාක්ෂණික කමිටුවේ කටයුතු අවසන්ව ඇත. එම කමිටුව මගින් එම ආයතන මිලදී ගැනීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කර තිබූ ආයතන අතරින් මූලික සුදුසුකම් සපුරා ඇති ආයතනවල අවසන් ලැයිස්තුව සකස් කර තිබේ.
ඊළඟ අදියර ලෙස මූල්‍ය අභිලාෂ කැඳවීමට නියමිත අතර, ඒ සදහා මූල්‍ය කමිටුව විසින් ඉහළ ලංසුව ඉදිරිපත් කරන ආයතනය සඳහා එම ආයතනය මිලදී ගැනීමේ අවස්ථාව හිමි වේ.
එමෙන්ම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටු කිහිපයක් ඇති බවත්, එම කමිටු විෂය විශේෂඥයන්, ප්‍රවීණයන් හා රාජ්‍ය නිලධාරින්ගෙන් සමන්විත බවත් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහත කිරීමේ කමිටුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එමෙන්ම එම කමිටුවේ සාමාජිකයන් කිසිදු දීමනාවක් ලබානොගන්නා බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය