මන්ත්‍රිවරු 37ක් රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන්හ. මෙම රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට රාජපක්ෂවරු නියෝජනය කරමින් ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා එක්ව තිබේ. මීට අමතරම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ චාමර සම්පත් දසනායක, සුරේන් රාඝවන්, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ද රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දී තිබේ. එසේම සමගි ජන බලවේගයේ අරවින්ද කුමාර් මහතාද රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දී තිබේ.