ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හෙට (8) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡා සාර්ථක වීමෙන් අනතුරුව මෙම රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීමට නියමිතය.