කිසිම වේදිකාවකට නැගීමේ සූදානමක් තමන්ට නැති බවත්,තම ඉදිරි සැලසුම් තිබෙන්නේ ජනාධිපතිවරණයට අදාළව බවත් පාර්ලිමේන්තු මන්ත්රීන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කැලණිය තොරණ හන්දියේ පැවති උත්සවයකට සහභාගි වෙමින් මාධ්යමවේදීන් ඉදිරියේ පැවසීය.
"අතීතයේත් ජනමත විචාරණ පවත්වලා තියෙනවා. සෑම දේශපාලන පක්ෂයක්ම ජයගැනීම සඳහා එක එක උප්පර වැට්ටි දානවා. නමුත් ජනාධිපතිතුමා, මැතිවරණ කොමසාරිස් තුමා, ඇතුළු සියලු දෙනා ප්‍රකාශ කරලා තිබෙනවා මේ මැතිවරණය අනිවාර්යයෙන්ම තියෙනවා කියලා. මේ පිළිබඳව දොඩව දොඩවා කාලය ගත කරන්න අවශ්‍යම නැහැ.
ව්‍යවස්ථාවේ එක තැනක තිබෙනවා අවුරුදු පහක් කියල. තව තැනක තියෙනවා අවුරුදු හයක් බව. ඒක නිවැරදි විය යුතුයි . ඒකෙන් මැතිවරණයට බලපෑමක් නැහැ කියලා මැතිවරණ කොමසාරිස්තුමාත් කියලා තිබෙනවා. ඒ නිසා සහයෝගය දුන්නට අවුලක් නෑ .මට කවුරුවත් බලපෑම් කරලා නෑ. මේ වෙලාවේ පළවෙනිව එන්න ඕනා ජනාධිපතිවරණයයි. ඒ නිසා ඉස්සෙල්ලා ජනාධිපතිවරණය තිබිය යුතුයි කියා මම හිතනවා .
පාර්ලිමේන්තු මැතිවරණය ඉස්සරහට ගෙනාවා කියලා කාටවත් ලාභ ප්‍ර යෝජනයක් නෑ. පාර්ලිමේන්තු මැතිවරණය එන්න ඕන කියල එක්කෙනෙක් දෙන්නෙක් කියමින් දොඩවනවා . නමුත් මම හිතන්නේ මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් ජනාධිපතිවරණයකටයි.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනාවේ පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ගේ ආශිර්වාදය ඇතිවයි. එතුමාගේ පක්ෂය පසුගිය මැතිවරණයේදී පසුබෑමකට ලක්වෙලා තිබුණ නිසා එතුමා පොහොට්ටුවේ ආශිර්වාදය ඇතුව එන්න ඇති. ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය කරා යන්න අවශ්‍යව නම් පොහොට්ටුවේ මැති ඇමතිවරුන්ගේ ආශිර්වාදය බලපාන හේතු සාධකයක් වෙනවා .
හැබැයි මම කවදාවත් රාජපක්ෂවරු ඉන්න තැනක, ඔවුන්ගේ හෙවනැල්ලක් වැටෙන තැනක ඉන්නේ නැහැ .ඒ නිසා ඡන්දයට පමණක් නොව අනෙකුත් සියලු කටයුතු, දේශපාලන කටයුතුවලට මගේ මේ ප්‍රතිපත්තිය අදාළයි,.
කැලණිය -ලාල් එස් කුමාර