බුවනෙකබා රජතුමාගේ රාජ්ය සභාවෙ රාජ්ය සභා මණ්ඩපය ඩෝසර් කිරිම සඳහා නියෝගය දුන්නේ කවුරුන්ද බව ෆයිල් වල ඇති බවත් තමන්ට ඇති ප්රශනය යහපාලන සමයේ මෙවන් දෙයක් වූ විගස කෑ ගහන අය මේ අවස්ථාවේ නිහඩ ඇයි කියා තමන්ට ගැටලුවක් වි ඇති බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසුයේ අද (21දා) කඩුගන්නාවේ සමගි ජන බල වේගයේ පක්ෂ කාර්යාලය විවෘත කිරිම සඳහා පැවැති උත්සව අවස්ථාවේදි සභාව අමතමිනි.
යහපාලන සමයේදි කෑ ගැසු අය නිහඩ ඇයි කියා ඒ කුමන හේතුව මතදැයි තමන් අසන්නට කැමැති බවද ඔහු පැවැසිය.