රාගම පොලිස් වසමේ පදිංචි පාසල් සිසුන් දෙදෙනෙකු ඉකුත් 04 දින සිට අතුරුදහන් ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලීසිය පවසයි.
රාගම බටුවත්ත ප්රදේශයේ පදිංචි මිතුරන් වන පාසල් සිසුන් දෙදෙනෙකු මෙලෙස අතුරුදහන් වී ඇත. මිතුරන් දෙදෙනෙකු වන අංක 485/බී/එස් නාරංගොඩපාලුව රාගම ලිපිනයේ පදිංචි ආර්. එම්. සෙත් මානිතු (11)හා අංක 487 /ඩී /එස් ලිපිනයේ පදිංචි එස්. ඒ. ඊ. ඕෂධ ඉන්දීර (13)යන පාසල් සිසුන් මෙලෙස අතුරුදහන් ව තිබේ.
මොවුන් දෙදෙනා එකට සෙල්ලම් කරමින් සිටියදී අතුරුදහන් ව තිබෙන බවට එක් සිසුවකුගේ මවක් හා අනෙත් සිසුවාගේ මිත්තනිය විසින් පොලීසිය ට පැමිණිලි කරමින් පවසා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රාගම පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යංශය විසින් සිදු කරනු ලබයි.
ජාඇල ප්රසංග පෙරේරා