තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණනායක මහතා සිය තීනිඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
කෙසේ වෙතත් වරෙන්තු නිකුත් කර මේ වන විට දින තුනක් ඉක්මවා ගියද රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ.
ඒ අතර ඔහු මෙම පෙත්සම අධිකරණයට ගොනු කළේය.
