ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක සහ රංගන ශිලිපිනියකවූ රම්‍යා වනිගසේකර මහත්මිය අද (08) උදෑසන අභාවප්්රාප්ත වී තිබෙනවා.
වර්ෂ 1936 ජනි මස 17 කෑගල්ල කොටියාකුඹුරේදී උපත ලත් ඇය මිය යනවිට වයස අවුරුදු 88 වනවා.
වර්ෂ 1974 දී වෙදීකා නාට්‍යවලට සම්බන්දවූ අතර 1980 දී ගුවන්විදුලියට සම්බන්ධ විය. 1981 පටන් වර්ෂ 2006 දී ඇය විශ්රාරාම යනතෙක්ම ප්‍රවෘති නිවේදිකාවක්ව සේවය කලාය. වීශ්‍රාම ගැනීමෙන් අනතුරුවද ඇය වර්ෂ 2008 දක්වා එහි කොන්ත්‍රාත් පදනම මත සේවය සැපයුවේද ඇයට ඇති හැයාවන් හා දක්ෂාතා නිසාවෙන්මය.
නිවේදනය මෙන්ම ඇයගේ හැකියාවන් රංගනයේද අතිවිශිෂ්ථ විය. ඒනිසාවෙන්ම ඇය ටෙලිනාට්‍ය හා චිත්‍රපට අතරින්ද ප්‍රේක්ෂකයන්ට සමීපවිය.
තරමක් අසනීප තත්වයේ පසුවූ ඇය කෙටි කලක සිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (08) උදෑසන මිය ගොස් තිබෙනවා.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය