බදුරළිය කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද සමන් දේවාලය ආසන්නයේදී කලවාන දෙස සිට බදුරළිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් බවුසර් රථය අඩි තිහක පමණ ප්රපාතයකට පෙරළීමෙන් බවුසර් රථයේ සිටි පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව කලවාන පොලිසිය ප්රකාශ කරයි කරයි. අනිත් පුද්ගලයා තුවාල ලබා කලවාන රෝහලට ඇතුළත් කරන ලදී.
මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල ප්රදේශයේ රබර් කිරි කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් දෙදෙනෙකු බවත් ඔවුන් බුලත්සිංහල හා රඹුක්කන ප්රදේශවල පදිංචිකරුවන් වේ.
අධික බෑවුම් සහිත මෙම ප්රදේශයේ මෙම බවුසර් රථය පාලනය කර ගත නොහැකිව ලිස්සා යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි කලවාන පොලිසිය ප්රකාශ කරයි.
මෙම අනතුර සම්බන්ධයෙන් කලවාන පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු පවත්වයි.
ධනුෂ්ක ලංකා නානායක්කාර අගලවත්ත