දේශපාලන පළිගැනීම ඉලක්ක කරගෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කළ කමිටුව පිළි නොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (22දා) එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“මේ දේශපාලන උවමනාව මත පත් කරපු , විශමාචාර චෝදනා වලට ලක්වුණු හිටපු විනිසුරුවරියක් විශ්‍රාම ගියාට පස්සේ සම්බන්ධ කරගෙන පත් කරපු රනිල් වික්‍රමසිංහගේ මේ දේශපාලන පළිගැනීම ඉලක්ක කරගෙන පත් කරපු කමිටුව අපි පිළිගන්නේ නෑ. ”