රනිල් වික්‍රමසිංහ හදිසියේ රජයේ මුද්‍රණාලයාධිපතිනිය කැඳවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටුවීමට නියෝග කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කරයි.
අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කරනුයේ රජයේ මුද්‍රණාලයාධිපතිනි විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් මගින් දන්වා ඇත්තේ අධිකරණයේ නඩුවක් පවතින හෙයින් සහ ඡන්ද්‍ර පත්‍රිකා මුද්‍රණය සම්බන්ධයෙන් දැරීමට සිදුවන පිරිවැය සම්බන්ධව ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පැවසුවද අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්දව මුද්‍රණාලයේ කටයුතු අඩපණ කල නොහැකි බවත් ඔහු චෝදනා කරයි.
එමෙන්ම රටේ මූල්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් පසුගිය අයවැය ලේඛණයෙන් මැතිවරණය සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති හෙයින් භාණ්ඩාගාර ලේකම්වරයාට වගකීම වනුයේ අදාල ප්‍රතිපාදන නිසිපරිදි ලබා දීම බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම මේ වනවිට රටේ පාර්ලිමේන්තුව, විධායකය විකෘති ජනවරමක් නියෝජනය කරන බැවින් මේ වනවිට රටේ ජනතාවගේ කැමැත්ත මැනීමට අවැසි බවත් එම නිසා මෙම කාලය තුල මැතිවරණයක් අවශ්‍ය බවද ඒ සම්බන්ධව ප්රජාතන්ත්රවාදී අයිතියක් මහජනතාවටද පවතිනු ඇති බවත් ඔහු සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කරමින් සිටින බවත් ඔහු කුඩා කල්ලි කණ්ඩායම් නිර්මාණය කරමින් රට තුල ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් නිර්මාණය කරමින් සිටින බවත් එවැනි පරිසරයක් තුල ජාතික ජනබලවේගය ප්රජාතන්ත්රවාදී අයිතිය වෙනුවෙන් යා හැකි උපරිම දුර ගමන් කරන බවත් මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසීය.
තිසර ගංගාදර
VIDEO