හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21දා) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දේශනයක් පැවැත්වීමට ද නියමිතව ඇත.
උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් මෙන්ම මවුපියන්ගේ සහභාගීත්වයෙන් අනිද්දා ( 22දා)සවස 6ට එම දේශනය පැවැත්වේ.
හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.