ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට භාර නොගත්තේනම් ශ්‍රී ලංකාව අද බංගලාදේශයටත් වඩා නරක තත්වයට පත්වීමට ඉඩ තිබූ බව නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඇමතිවරයා අවධාරණය කරන්නේ අද බංගලාදේශයට අත්ව ඇති ඉරණම අපේ රටට ඇති කිරීම ඊනියා අරගලයේ අරමුණ වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති නොවුනහොත් බංගලදේශය මෙන් රට විසාලාවක් වනු ඇති බවයි.
ජන මතයට කන් නොදී දේශපාලනය කළ නොහැකි බවද කී ඇමති ප්‍රසන්න රණතුංග මහතා තමන් තවමත් ඔර්ජිනල් පොහොට්ටුවෙක් බවද කීවේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ පසුගිය සිකුරාදා (09) පොලොන්නරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
රැස්ව සිටි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියළුම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන පොහොට්ටු මහජන නියෝජිතයන් අත ඔසවා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවට මෙහිදී ප්‍රතිඥා දුන්හ.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොලොන්නරුව, මැදිරිගිරිය හා මින්නේරිය යන ආසනයන්හි පාලත් පාලන ආසන සංඛ්‍යාව 08කි. එම පළාත් පාලන අටෙන් එකක් නගර සභාවක් වන අතර ඉතිරි සියල්ල ප්‍රාදේශිය සභාවේ. එහි හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු 96 දෙනෙකු මේ රැස්වීම සඳහා පැමිණ සිටියහ.