එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා පැවත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (14දා) පැවැත්වේ.
පසුගිය දිනක මේ පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් පැවැති රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ මීළඟ නායකත්වය වෙනුවෙන් පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, රවී කරුණනායක, වජිර අබේවර්ධන හා දයා ගමගේ යන මහත්වරුන්ගේ නම් යෝජනා වීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ පිළිබඳව අවසන් තීරණය අද (14දා) කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමේ ගැනීමට තීරණය කළේය.
ඉන් පසුව පැවැති සාකච්ඡාවේදි රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය තෙක් නායකත්වයේ රැඳී සිටිය යුතු බවටත් අන්තර්කාලීන නායකත්වය කරූ ජයසූිය මහතාට ලබාදිය යුතු බවටත් පැමිනි යෝජනා දෙක පිළිබඳව අද (14දා) සාකච්ඡා කිරීමට නියමිතය.
එමෙන්ම පක්ෂ ප්රතිසංවිධාන හා ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතය.