හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත මහ මැතිවරණයකට තරග නොකරන බවත් ජාතික ලැයිස්තුවකින්වත් නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවිසිය.
කොළම මල්පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ඔහු මැතිවරණයට තරග නොකළත් එක්සත් ජාතික පක්ෂයට හා ඉදිරි දේශපාලන බලවේගවලට ඔහු නායකත්වය දෙනු ඇති බවද රුවන් විජයවර්ධන මහතා පැවැසිය.