ආණ්ඩුව මහජනයාට තව තවත් බදු බර පටවන බවත්, අනිවාර්යයෙන්ම තම කණ්ඩායම ආණ්ඩුවක් පිහිටුවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගම්පොලදී ප්‍රකාශ කළේය.
ගම්පොළ ගුරුකැලේ ශ්‍රී බෝධිරාජරාම විහාරාධිපති මුල්ගම සුමනතිතිස්ස හිමිපාණන් වෙත අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහානිකායේ මහා නායක හිමියන් ප්රමුඛ සිරිසුමනජෝති කාරක සංඝ සභාව මගින් පිරිනමන ලද ගෞරව නාමය සහිත මහනුවර නුවරඑළිය දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවයට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
නව ආණ්ඩුවක් පිහිටුවීමේදී රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වනවාද යන්න පසුව තීරණය කරන බවත්, තම පක්ෂයේ අපේක්ෂකයන් ඕනෑ තරම් සිටින බවත් මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ගම්පොළ -සුරංග දිල්හාන්