පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර් වරයකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 17 දා ප්‍රකාශයට පත්කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීන්දු කළේය.
මෙම නඩුවේ තීන්දුව අද දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණත්. එය ලබන 17 දා තෙක් කල් දැමීණ.
මීට වසර 11කට පෙර රතුපස්වල ප්‍රදේශයේදී පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා මෙලෙස දින නියම කර ඇත.