රත්නපුර දිස්ත්‍රික්කය තුළ මෙම වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1311ක් වාර්තා වී ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේය.
ඵ් මහතා මේ බව සඳහන් කළේ සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් කැඳවා තිබු සබරගමු පළාත් ඩෙංගු කාර්ය සාධක බලකායට ඵක් වෙමිනි.
රත්නපුර පිහිටි සබරගමු පළාත් ශ්‍රවණාගාරයේ දී මෙම කාර්ය සාධක බලකාය රැස්විය.
මෙහි දී අදහස් දැක්වූ සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා මෙසේ පැවසීය.
"මෙම වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1311 ක් වාර්තා වී තිබෙනවා.
රත්නපුර ශීක්ෂණ රෝහලේ පමණක් වෛද්‍යවරු තිදෙනෙක්(3), වෛද්‍ය ශිෂ්‍යයින් දෙදෙනෙකු(2), හෙදියන් විසිතුනක් (23), ඖෂධවේදීන් ඵක් අයෙක්(1), සෞඛ්‍ය කාර්ය සහයකයින් හැට හතරක්(64), ආරක්ෂකයින් හතරක්(4), පවිත්‍ර සේවකයින් පහලොවක්(15) ක් වශයෙන් 143 ක් මේ වන විට ඩෙංගු රෝගයට ගොදුරු වී සිටිනවා.
රත්නපුර ශික්ෂණ රෝහලට යාබදව පිහිටි ලය රෝහලේ සෞඛ්‍ය සේවකයින් දාහතරක්(14) ඔසු ගබඩාවේ තිදෙනෙක් (03) ද ඩෙංගු රෝගයට ලක් වෙලා.
ඵමෙන් ම රත්නපුර ශික්ෂණ රෝහලට යාබදව ඉදිකෙරෙමින් පවතින සබරගමු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඵ්කකයේ ගොඩනැගිලි සංකිර්ණයේ ඩෙංගු කීටයින් හමු වුනා.
ඵ් හරහා රත්නපුර ශික්ෂණ රෝහලට ඩෙංගු ව්‍යාප්ති බලපෑමක් සිදු වුවා.
මේ වන විට ඵම ගොඩනැගිලි සංකිර්ණය ආරක්ෂිත තත්වයට සෞඛ්‍ය අංශ විසින් පත් කර තිබෙනවා
ඉදිරි දින කිපය තුල සෞඛ්‍ය අංශ, ශ්‍රි ලංකා යුධ හමුදාව, පොලිසිය, බන්ධනාගාර දෙපාර්තුමෙන්තුව ඵක්ව රත්නපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයම ඩෙංගු කීටයින් ගෙන් තොර කලාපයක් බවට පරිවර්තනය කරනවා.
රත්නපුර දිස්ත්‍රික්කය තුළ මෙතෙක් බහුලව ඩෙංගු රෝගය ව්‍යාප්ත වුයේ ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවාගෙනි.
නමුත් මෙවර බහුලව ඩෙංගු කාරක මදුරුවා වී ඇත්තේ ඊඩිස් ඊජිප්ටයි මදුරුවාය.
ඩෙංගු රෝගය වේගයෙන් ව්‍යාප්ත කිරිමේ හැකියාව ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවාට වඩා ඊඩිස් ඊජිප්ටයි සතුව පවතීනවා.
ඵය මිනිස් ජිවිත වලට දැඩි අවධානමක් ද වී තිබෙනවා.
ඊඩිස් ඊජිටයි මදුරුවා විසින් පරිසර පද්ධතියට මුදාහරින කීටයන් තුල පවා ඩෙංගු වෛරසය පවතිනවා.
රත්නපුර 376 ක්, බලංගොඩ 110ක්, කහවත්ත 109ක්, කුරුවිට 82ක් ආදී ලෙස රත්නපුර දිස්ත්‍රික්කය පුරාම ඩෙංගු රෝගය වාර්තා වෙනවා.
රත්නපුර ශික්ෂණ රෝහලේ එකවර ඩෙංගු රෝගීන් 120 ක් ප්‍රතිකාර ලබා ගත හැකි විශේෂ වාට්ටු සංකීර්ණ දෙකක් ද මේ වන විට ස්ථාපිත කර තිබෙනවා.
