එදාමෙදාතුර ලංකාවේ බිහිවූ සක්‍රීයම සහ දක්ෂතම දේශපාලනඥයන්ගෙන් අයෙක් වූ ගාමිණී දිසානායක මහතා, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය කර අදට (24දා) තිස් වසරක් සම්පූර්ණ වේ. මෙම ලිපිය ඔහුට ගෞරවයක් ලෙස ලිවීමට මම අදහස් කළෙමි.
මහවැලි සංවර්ධන වැඩසටහන සම්පූර්ණ කිරීම සඳහා නායකත්වය දීම, ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබා දීම, ස්වර්ණභූමි ඉඩම් ඔප්පු ජනතාවට ලබා දීම සහ 1987 ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමේදී මූලිකත්වය ගෙන කටයුතු කළ බවට ඔහු ප්‍රසිද්ධය විය.
ඔහු 1990 දැරූ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයෙන් ඉවත් පසු, මෙරට දේශපාලන ඉතිහාසයේ කිසි කලෙක නොදුටු දේශපාලන පළිගැනීමක් සිදු විය. රැල්ෆ් බූල්ජන්ස් පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අසත්‍ය අපරාධ චෝදනා එල්ල කරන ලද්දේ එම කාලයේදීය. මෙය දේශපාලන අරමුණු වෙනුවෙන් දේශපාලන වශයෙන් පසෙකට කර තැබීමේ උත්සාහයක් බව සියලු දෙනාම දැන සිටියහ.
1991 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරය දෙකඩ වීමත් සමග, මගේ පියා සහ ලලිත් ඇතුලත්මුදලි මහතා, රටේ යහපත සඳහා දේශපාලන සංවාදයක් ආරම්භ කළ අතර, ඔවුන්ගේ මතභේද පසෙකලා එක්ව කටයුතු කළහ. ඔවුන් 38(2) වගන්තිය යටතේ ජනාධිපති ප්‍රේමදාස මහතාට එරෙහිව දෝශාභියෝගයක් ඉදිරිපත් කළහ. මීළඟ ක්‍රියාමාර්ගය එවකට සක්‍රිය වීම, දියුණුම හා ජවසම්පන්නමය සහ පරිකල්පනාත්මක දේශපාලන ගමන විය. මගේ පියා, ලලිත් ඇතුලත්මුදලි මහතා සහ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර මහතා එයට නායකත්වය දුන්හ. එවකට විපක්ෂය දුර්වල වූ අතර, ඔවුන්ගේ ප්‍රතිවිරෝධයද දුර්වල මට්ටමක පැවතුණි. එහිදී පියා සහ ඇතුලත්මුදලි මහතා පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂය ලෙස කටයුතු කිරීමට උපායමාර්ගයක් සකස් කළහ.
එවකට එජාපය පෞද්ගලීකරණ න්යායපත්රය සමග අන්ත දක්ෂිණාංශයක් කරා ගමන් කරමින් සිටිනු දක්නට ලැබුණි. පුද්ගලීකරණය කිරීමේ අන්තගාමී න්යායපත්රයට ඊට අදාළ නීති ක්‍රියාත්මක කිරීමේ පනත ගෙන ආවේය. පක්ෂයේ මූලික පදනම නොසලකා හරිමින් මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීම මගින් පියාට සහ ලලිත්ට සිය පක්ෂයේ පැහැදිලි මතවාදීමය වෙනසක් පෙන්වීමට ප්‍රමාණවත් ඉඩක් විවර විය. ජනාධිපති ප්‍රේමදාසගේ දෙවැනි ආර්ථික ප්‍රතිසංස්කරණ රැල්ල රටට අවශ්‍යව තිබියදී, එය ප්‍රබල තාක්ෂණවේදීන් හරහා සිදු කළ ආකාරය සහ අත්තනෝමතික ක්‍රමය හේතුවෙන් මගේ පියාට සහ ලලිත්ට එය දක්ෂ ලෙස හැසිරවීමට දේශපාලන අවකාශය ලැබුණි.
හැකියාවක් ඇති සංවිධායකවරුන් කඩිනමින් පත්කිරීමට මගේ පියා සහ ලලිත් කඩිනමින් සංවිධායකවරුන් පත් කළ අතර, පසුකාලීනව ඔවුන්ගෙන් බොහෝමයක් පාර්ලිමේන්තුවට පැමිණි අතර, කැබිනට් අමාත්‍යවරුන් බවටද පත් වූහ.
DUNF හි සියලුම ප්‍රධාන පුද්ගලයන් ලෙස මගේ පියා, ලලිත් සහ ප්‍රේමචන්ද්‍ර මහතා බියකින් තොරව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස දිරිමත් කළහ. පවතින ආකාරයට වඩා සංවිධිත, ප්‍රායෝගික සහ තාර්කික දේශපාලන උපායමාර්ගයක් රජයට ගෙන ඒම සඳහා ඔවුන් සැලසුම් සකස් කරන ලදී.
මගේ පියා, ලලිත් සහ ප්‍රේමචන්ද්‍ර පක්ෂය තුළ ඉතා ජවසම්පන්න වෘත්තීය සමිති ව්‍යාපාරයක් ඉක්මනින් වර්ධනය කළේය. ඔවුහු පෞද්ගලිකව සියලුම රාජ්‍ය ආයතනවලට ගොස් වෘත්තීය සමිති ශාඛා පිහිටුවා ගත්හ. 1992 මැයි දිනයේ නුගේගොඩ සිට හයිඩ් පිටියේදී ඔවුන්ට සුබ පැතීමට දහස් සංඛ්‍යාත ජනතාවක් පෙළ ගැසී සිටි අතර, එය මෙරට දේශපාලනයේ විශාල හැරවුමක් විය.
ගාමිණී දිසානායක, ලලිත් හා ප්‍රේමචන්ද්‍ර සමාජයේ සිටිනා නානාවිධ ප්‍රජාවන් ඒකරාශී කළහ. ඒ අනුව කම්කරු, ගොවි, ධීවර ඇතුළු සියලුම ප්‍රජාවන් ඒකරාශී කිරීමට සමත් විය. එම ප්රජාවන්ගේ සමාජ, ආර්ථික මට්ටම නගාසිටුවීම වෙනුවෙන් ඔහු කටයුතු කළ අතර, නායකයෙක් ලෙස සිය උපරිම කැපවීමෙන් කටයුතු කළේය. එය ආක්‍රමණශීලී, උපායශීලී, සම්මුතිවාදී සහ පැහැදිලි බලාපොරොත්තු පිරුණු එය මා දැක ඇති හොඳම දේශපාලන බලවේගය විය.
ඔහු සහ ලලිත් ඇතුලත්මුදලි අපට කළ හැකි දේ පෙන්වා දුන්නේය. එම සිදුවීම් සහිත වසර දෙස ආපසු හැරී බැලීමේදී එය අපට කියා දුන්නේ දේශපාලනය කළ හැකි කලාවක් බව වන අතර, මෙම ලිපිය ලියා ඇත්තේ එම යුගයේ මතකයන් නැවත අවදි කිරීමට අනාගත පරපුර උදෙසාය.
නවින් දිසානායක