ධිකරණය මගින් රටින් පිටවීම තහනම් කරමින් නියෝග ලබා දී තිබූ ශ්‍රී ලාංකිකයෙකු , සිය ගමන් බලපත්රයෙහි ජීව දත්ත පිටුවෙහි තොරතුරු වෙනස් කර , කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මැලේසියාව වෙත පළා යාම සදහා ගුවන් යානයෙහි අසුන් ගෙන සිටියදී , එම යානය තුළට පිවිස , 04/10 දින අලුයම මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන තිබුණි .මොහු යාපනය , සන්දිලිපායි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙකි .
ඔහු 04/10 දින අලුයම 12.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 046 දරන ගුවන් යානයට පිවිස අසුන් ගෙන තිබේ .
ඔහු ඒ වනවිට ගුවන් තොටුපොළ සියලුම මගී නිශ්කාශන කටයුතු නිමවා සිටියත් ඔහු පිළිබඳ ඇති වූ සැකය මත , ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකය ලබා ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් , ඒ ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමේ දී ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පවතින බව අනාවරණය වී තිබේ .
ඉකුත් 2012 වසරේ බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාව වෙත පළා යාමට තැත් කර අත් අඩංගුවට පත් වීමෙන් පසු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් , මොහුට එරෙහිව පවතින නඩුකරයක් සම්බන්ධව මෙම රටින් පිටවීම තහනම් කරමින් මෙම නියෝගය පනවා තිබී ඇත .
එම තොරතුරු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන්ට සහ ගුවන් සේවා නිලධාරීන්ට හසු වීම වළක්වා ගැනීම සදහා මෙසේ මොහු සිය ගමන් බලපත්රයෙහි ජීව දත්ත පිටුවෙහි තොරතුරු වෙනස් කර කූඨ ලෙස ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකසා , භාවිතා කර තිබේ .
ඒ අනුව මෙම පුද්ගලයා අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .