මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රටින් පිටවීම තහනම් කළ ව්‍යාපාරිකයෙකු, කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පළා යාමට 04/27 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. මොහු ඉකුත් 04/27 දින අලුයම 01.08 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිත තායි ගුවන් සේවයේ ටී.ජී.- 308 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එසේ පැමිණි මෙම ව්‍යාපාරිකයා සිය ගුවන් යානා නිශ්කාශන කටයුතු නිම කර , ගුවන් තොටුපොළ විගමන අංශය වෙත පැමිණ සිටියදී , එහි රාජකාරී කටයුතු වල නිරත වී සිටි ආගමන විගමන නිලධාරීවරයා මොහුගේ ලියකියවිලි පරීක්ෂා කර බලා , ඇති වූ සැකය මත ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබේ .
එහිදී මෙම ව්‍යාපාරිකයා සහ ඔහු සතු ලියකියවිලි ද සමග ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබූ අතර , එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවත් , එසේම එහි සටහන් කර ඇති විගමන මුද්‍රා ද ව්‍යාජ ඒවා බවට තහවුරු වී තිබේ .
එසේම මෙම ගමන් බලපත්‍රයට පෙර මෙම ව්‍යාපාරිකයා භාවිතා කළ ගමන් බලපත්‍රය ද කූඨ ලෙස සකස් කළ එකක් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ .
මෙම ව්‍යාපාරිකයා කූඨ ලෙස ලියකියවිලි සකස් කර ශ්‍රී ලාංකිකයෙකු ඉතාලිය වෙත යැවීමට උත්සාහ කර තිබූ අතර , එම ප්රයත්නය අසාර්ථක වී , කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර , එහිදී මොහුට එරෙහිව එම අධිකරණය මගින් විභාග කරමින් පවතින නඩු කටයුත්තේ දී මෙසේ රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා තිබී ඇත .
මොහු එයින් බේරී රටින් පළා යාම සදහා මෙම කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රය යොදා ගැනීමට තැත් කර තිබුණි .
ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් මෙම ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .