පිටරටින් ජලය ආනයනය කර පානය කරන පිරිසක් මෙන්ම පිටරටින් ආහාර ගෙන්වා කෑමට ගන්නා මහා ධනවතුන් පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
එසේම කෑම වේලාවක් සොයාගත නොහැකි අන්ත දුප්පත් පිරිසක් සිටින බවද ඔහු පැවැසීය. ශ්‍රී ලංකාවේ ආදායම් විෂමතාව විශාල බවත් එය වෙනස් කරන ලෙස ජාත්‍යන්තර මූලය අරමුදල දන්වා ඇති බවත් එය යහපත් යෝජනා බවත් ඔහු පැවැසීය.