ප්‍රදේශ රැසක කොල්ලකෑම් හා සොරකම් රැසකට සම්බන්ධ කැස්බෑව නිවුන්ගම මයියා ඇතුළු පුද්ගලයන් දෙදෙනකු හොරයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමග හොරයින් මත්කුඩු මිලිගෑම් 11470 ක් කොල්ල කන ලද ත්‍රී රෝද රථයක් සොරා ගන්නා ලද යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.
බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ හොරයින් මත්කුඩු මිලිගෑම් 5370 ක් තිබි හමුවීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයකු සමග එක්ව කොහුවල, හිරන, වැල්මිල්ල , හා ඉදිල්පිටි යන ප්‍රදේශවල සිදු කළ කොල්ලකෑම් සහ සොරකම් ගණනාවක තොරතුරු අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි
එම සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව ඔහු සමග කොල්ලකෑම් සිදු කළ අනිත් පුද්ගලයා හිරණ පාලම අසලදී හොරයින් මත්කුඩු මිලිගෑම් 6100 ක් සමග අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබු රුපියල් ලක්ෂ හතරකට අධික වටිනා බෙන්ලි වර්ගයේ යතුරුපැදිය සොරා ගැනීම , කොහුවල පොලිස් වසමේදී ත්‍රී රෝද රථ රියදුරුට පහරදී තීරෝද රථය කොල්ලකෑම , හොරණ මූලික රෝහලේ වෛද්‍යවරයෙකු හිරණ ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ගන්නා මුවාවෙන් ගොස් තියුණු ආයුධයක් පෙන්වා රුපියල් 10000 අධික මුදලක් කොල්ලකෑම , කිඳෙල්පිටිය වෙළඳ සැලකදී කාන්තාවකගේ රන්මාලය කොල්ලකෑම ,කිඳෙල්පිටිය වෙන්දේසි ඉඩමක කාර්යාලයක් කඩා එහි තිබූ පුටු හතරක් සොරකම් කිරීම සිදුකර තිබූ බවට පොලිසියට අනාවරණය වී ඇත. .
සැකකරුවන්ගෙන් කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව කොහුවලින් කොල්ල කන තීරෝද රථය සහ වැල්මිල්ලෙන් සොරාගන්නා ලද සැකකරුවන්ගේ නිවාස වල සඟවා තිබියදී මේ වන විට සොයා ගැනීමට හැකි වී ඇත.
වයස අවුරුදු 24 හා30 අතර පසුවන කැස්බෑව නිවුන්ගම සහ මඩපාත එල් එස් වත්ත- ගෙවල් පහ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනාගෙන් රැඳවුම් නියෝග මත දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඉකුත් කාලය පුරා සිදුකරන ලද බව කියන සොරකම් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි.
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාරද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශනා සේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් එල් ඒ එස් ජයලාල් පොලිස් සැරයන් 64408 අමරනාත් පොලිස් කොස්තාපල්වරුන් වන 69708 නාමල් 97340 හේරත් 104634 සේනාරත්න මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.