පසුගිය වසරේ තමන් භාර ගත්තේ ගිනි ගොඩක් තිබූ රටක් බවත් එවැනි පසුබිමක රට භාර ගන්න කිසිවෙකුත් ඉදිරිපත් නොවුණ බවත් ඇතැම් අය කේන්දර බැලූ බවත් ඇතැම් අය ලිස්සා ගිය බවත් ජනපති රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේ විශේෂ ප්රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ තමන් රට භාර ගත්තේ කිසිම කොන්දේසියක් ඉදිරිපත් නොකර බවයි. තමන්ට කිසිවක් නොතිබුණ බවත් තමන්ට තිබුණේ රට ගොඩනගැගීමේ විශ්වාසය බවත් ඔහු පැවැසීය.
" 2015 මම රට භාර ගත්තේ ආර්ථික වශයෙන් දුර්වල රටක්. නමුත් 2018 වන විට ප්රථමික ගිණුමේ අතිරික්තයක් ඇති කරන්න හැකිවුණා. විවධ සහන දෙන ගමන්, වැටුප් සියයට 16කින් වැඩි කළා.
මම වැටුණත් රට වැටෙන්නේ නෑ කියන අදහස අනුව මම රට භාර ගත්තා. අයි.එම්.එෆ්. ණය ලැබුණවිට තරුණ තරුණයන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැකියාව තිබෙනවා. රට ඔසවා තබන්න හැකියාව තිබෙනවා.
වසර හතරක කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් අපිට ලැබෙනවා. ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් දැන් අපිට ලැබී තිබෙනවා."