මාතලේ සභාවෙන් මිලියන 5ක්
මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ කොවිඩ් 19 මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහ ජනතාවට සහන සැලසීම සඳහා සභා අරමුදලෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් වෙන් කිරීමට සභාවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාවය මත තීරණය කර ඇති බව සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා (28) දා පැවසිය.
ඒ මහතා මෙම අදහස් පළ කලේ මාතලේ පලාපත්වල පිහිටි රැස්විම් ශාලාවේදි පැවති විශේෂ රැස්වීමේදිය.
මහේෂ් කීර්තිරත්න

අත්‍යාවශ්‍ය භාණ්ඩ කුණ්ඩසාලේදී ගෙදරටම
කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙයින් ගෙට ගොස් ලබා දීමේ වැඩසටහනක් කුණ්ඩසාලේ විවිධ සේවා සමූපකාර සමිතිය විසින් ආරම්භ කර ඇත.
මෙම වැඩසටහන යටතේ ඇඳිරි නීතිය පවතින වේාලාවන් හීදී අත්‍යවශ්‍ය ආහාර නිවෙස් වෙත ගොස් බෙදා දීමට කුණ්ඩසාලේ විවිධ සේවා සමූපකාර සමිතිය පියවර ගෙන ඇත.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්

කොළඹ පවුල් සඳහා වියළි ආහාර සලාක මලු 50000
කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි, කොළඹ නගරයේ ජීවත් වන පවුල් සඳහා වියළි සලාක මලු 50,000 ලබාදීමට සැලසුම්කර තිබේ.
ප්‍රියාන් ෂමික


වතුකරයේ පවුල් 1140ක් සඳහා රුපියල් 1000 වියළි ආහාර සලාක මල්ලක්
වතුකරයේ දිළිඳු වතු කම්කරු පවුල් 1140 ක් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය නොමිලේ බෙදාදීමට තලවකැලේ, පතන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වඊයේ (27) පියවර ගෙන තිබිණි.
රුපියල් 1000 ක වටිනාකමකින් යුත් මෙම එක් ආහාර ද්‍රව්‍ය බෑගයක් සඳහා හාල් කිලෝ 05ක්, සීනි කිලෝ 02 ක්, තිරිඟු පිටි කිලෝ 02 ක්, පරිප්පු කිලෝ 01 ක්, හා හාල්මැස්සන් ග්‍රෑම් 250 ක් අඩංගු කොට තිබිණි.
මෙම පරිත්‍යාගය සිදු කරන ලද්දේ පතන ප්‍රදේශයේ ව්‍යාපාරියෙකු වන එච්. එල්. ගුණසේන මහතා විසිනි.
ශාන් හුලංනුගේ

