"රටට මේ විදියට යන්න දෙන්න බැහැ. රට දියුණු කරන්න ඕන.අපි බලයට පත්වූ පසු වංචාව,දූෂණය නතර කරනව. වංචකයින්ට දඬුවම් දෙනව. සොරාගත්ත දේපල රජයට පවර ගන්නව. ජනතාව සතුටින් තියන ආණ්ඩුවක් හදනවා. ඒ ටික කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි" ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඉකුත්17 වනදා තංගල්ල නගරයේ පැවති රට අනුරට මැයින් පැවති ජන රැලියක් අමතමින් දිසානායක මහතා එසේ පැවසීය .
රට විශාල ලෙස කඩා වැටීමක තියෙන්නෙ .ආර්ථික වශයෙන් ගත්තොත් පතුලටම ගිලුනු රටක්.අපරාධ පැත්තෙන් ගත්තොත් විශාල ලෙස අපරාධ වැඩිවුන රටක්. නීතියආධිපත්යය කඩා වැටුණු රටක්. ගොවිජනයගේ ජීවිත විශාල ලෙස පීඩනයට පත් රටක්. ධීවර ජනතාවගේ ජීවිත විශාල ලෙස පීඩනයට පත්වෙලා. ව්‍යාපාරික ජනතාව අවිනිශ්චිත තත්ත්වයට පත්වෙලා. තරුණ තරුණියන්ට තමාගේ අනාගත සිහිනය භංගත්වයට පත්වෙලා.
අධ්‍යාපනය කඩා වැටුණු රටක්. ලෝකය ඉස්සරහ අපකීර්තියට පත් රටක්. දැන් මොකක්ද අපි කරන්න ඔීන. දැන් මේ රටේ ජනතාවට තෝරා ගැනීම් දෙකක් තියෙනව . එකක් මේ පැරණි පාරෙ, අසාර්ථක පාරෙ, මේ විදියටම ඉදිරියට යනවද? එහෙම නැත්නම් මේ පැරණි පාර , අසාර්ථක පාර, වෙනස් කරල අපේ රටත් අපේ රටේ ජනතාවත් අලුත් දිශා නතියකට එක්කරනවද? දැන් තීරණාත්මක අවස්ථාවකට අපි පැමිණ සිටින්නේ . එළඹෙන සැප්තැම්බර් 21වනදා අර පැරණි පාර, පරණ ගමනම ඉදිරියට යනවද? අපි තමුන්නාන්සේල හමුවෙන්න ආවෙ. පැරණි පාරෙන් ගැලවෙන්න පැරණි පාරෙන් මිදෙන්න මග කියාදෙන අප හා සමග එක්වෙන ලෙසයි.
අපි දන්නව සතුරා විශාල ලෙස පන්නරයට පත්වෙලා තියෙන්නෙ.අවලාද අසත්‍ය තොරතුරු බොරු ප්‍රචාර හැමතැනම . අපට විරුද්ධව එල්ල කරගෙන යනව. ජාතික ජන බලවේගය අපේ රටේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳව ජාතික ජනබලවේගය නොසැලකිල්ලක් දක්වනව කියල කියාගෙන යනව.
සමහරු කියනව අපි ආවම නුවර පෙරහැර නතර කරනවලු. මතක තියාගන්න.මෙී රටේ සංස්කෘතිය ශිෂ්ටාචාරය සංරක්ෂණය කර අනාගතය ආරක්ෂා කරල දෙන්නෙ ජාතික ජන බලවේගය ආණ්ඩුව පමණක් බව . පුරා වස්තු කඩපු අය.ඒ ගොල්ලො තමයි සංස්කෘතිය විනාශ කළේ. රටේ සංස්කෘතික අරමුදල විනාශ කරපු අය.
සියලු සංස්කෘතීන් සියලු ආගම් ඒ අයිතීන් සුරක්ෂිත ෙකරල ආගම් අදහන පුරවැසියන්ගෙ අයිතීන් සුරක්ෂිත කරන්නෙ ජාතික ජනබලවෙගය ආණ්ඩුවයි පමණයි. තමන්ගෙ ආගම නිදහසේ අදහන්නෙපරිසරය අපි සකස් කරල දෙනව. හැබැයි මෙම චෝදනා ගෙනාවෙ කවුද ?යන වග ජනතාව තේරුම් අරගෙන දැන් ඉන්නෙ. අපට විරුද්ධව ්චෝදනා කරන අය තමයි බුදුපිළිම සැතපෙන බුදුපිළිම වල පපුව පලල නිධන් ගත්ත අය.දැන් කවුරුත් දන්නව ඇත්ත. .දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ කඩුව සොයන්න තැන තැන පංසල් කෝවිල් කඩපු අය.දළ එකතු කරපු අය.
ජාතික ජනබල වෙීගය වටා එක්රොක්වන පිරිස දැන් වැඩියි.දැන් කාටත් අභියෝගයක් වී ඇත්තෙ ජාතික ජනබලවෙීගයයි. රට වෙනස් කරනවනම් ඒක සිද්ධ වෙන්නෙ අපෙන් පමණයි .අපට විශාල වගකීමක් පැවරෙනව.අපි මෙී යන්නෙ හොඳට දුවන රටක නෙවෙයි.අප මේ ගන්න යන්නෙ සෑම අතින්ම විනාශ කරපු රටක්.හැම පැත්තකින්ම වට්ටපු රටක්.!රටෙී ජනතාවට සහතිකයක් දෙනව මෙී වැටිච්ච රට ගොඩ නගන බවට.
අපි ජයග්‍රහණය කළ පසු හැමෝගෙම ජීවිත සුරක්ෂිත කරනව.හැබැයි යුක්තිය,සාධාරණත්වය වෙනුවෙන් උපරිම ඇප කැප වෙනව වංචකනිකයින් නීතිය ඉදිරියට ගේනව.හොරාගත් දේපල එකතු කරනව. වැරදි කළ අයට දඬුවම් දෙනව ඒක ස්ථීරයි.
ඉතිහසය විසින් වැලලීයාමට ඉඩදී ඇති සිද්ධි ගණනාවක් තියෙනව. ලසන්ත වික්‍රමතුංග ඝාතනය පෝද්දල ජයන්ත පැහැරගෙන යාම ආදී සිද්ධි ගණනාවක් තියෙනව. සියල්ල සොයාබලා වැරදි කළ අය අධිකරණය වෙත ගෙන එනව.ඔවුන්ට නිසි දඬුවම් දෙනව. පාස්කු ප්‍රහාරය කළ අය නීතියේ රැහැනට ගේනව.වැරදි කළ අයට ගැලවීමක් වෙන්න දෙන්නැහැ. නීතියනම් මටත් එකයි කාටත් එකයි.
ජනතාව ඉහළ නංවනව. රට ගොඩ නගන සැලසුම් අපි හදල ඉවරයි.අපි දැන් සැලසුම් හදල තියෙන්නෙ. රටෙී ආර්ථිකය දියුණු කරන්න.හොඳ ආදායමක් මගින් රට දියුණු කරන ක්‍රම අපි හඳුනාගෙන තියෙන්නෙ.අධ්‍යාපනයට මුල්තැන දෙමින් සියලුම ක්ෂේත්‍ර ගොඩ නගන අයුරු අපි සැලසුම් කරල ඉවරයි.මෙී රට සෞභාග්‍යමත් රටක් බවට පත් කරල ජනතාවට සතුටින් ජීවත් විය හැකි රටක් අපි නිර්මානය කරනව .ඒ සඳහා සැවොම එක්වී මෙම සැප්තැම්බර් 21 පවත්වන ජනාධිපති වරණයෙන් ජාතික ජනබල වෙීගය ජයග්‍රහණය කරවන්නට එක්වන්න."