රට ආරක්ෂා කර ගැනීමට නම් බෞද්ධ භික්ෂුවක් රටේ නායකත්වයට පත් කර ගත යුතුව ඇති බවත් ඒ වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවර්ණයට තමන් වහන්සේ ඉදිරිපත් වන බවත් ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ගම්පහ දී පැවසූහ.
එම පෙරමුණේ ජනතා හමුවක් ගම්පහ නගරයේදී පවත්වමින් සීලරතන හිමි තව දුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේ , වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කිරීම කිරීම පිනිස ජනතාව පිට බදුබර පටවන බවත් මේ හේතුවෙන් රාජ්‍ය සේවකයින් , ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් සේම රටේ සමස්ත ජනතාව දුෂ්කරතාවයකට මුහුණ පා සිටින බවත්ය.
ඉදිරි ජනාධිපතිවරණයේදී මිල මුදල්වලට හෝ වෙනත් වරප්‍රසාදවලට යටවී ඡන්දය ප්‍රකාශ නොකොට රට කළ හැකි අයෙකුට ඡන්දය ලබා දීම සිදු කරන ලෙස ඉල්ලා සිටින බව පැවසූ සීලරතන හිමියෝ , ජනසෙත පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන තමන් වහන්සේට ඡන්දය ලබා දීම සිදු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කීහ.
මෙහිදී ජනසෙත පෙරමුණේ උප සභාපති ගමගොඩ පඤ්ඤාකිත්ති , නියෝජ්‍ය නායක ගලගම සෝමානන්ද , ජාතික සංවිධායක කහටගස්දිගිලියේ සිරිනන්ද යන හිමිවරුන් සහ නව සිහල උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතාද අදහස් දැක්වූහ.