හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඒරට මාධ්‍ය වාර්තා කර සිටියි.
ශාන්තන් ඊයේ (27දා) දින ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
රජීව් ගාන්ධි ඝාතන නඩුව සම්බන්ධයෙන් වසර ගණනාවක් සිරගතව සිටි ශාන්තන් වසර 32කට පසු සිය මව බැලීමට යාපනය පැමිණීමට නියමිතව තිබුණි.
ඒ අතරතුර ශාන්තන්ට හදිසියේ වැළඳුණු අක්මා රෝගයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලට මාරු කොට එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
ශාන්තන්ගේ මව ඔහු බැලීමට අවශ්‍ය බව සඳහන් කරමින් ඉන්දීය රජයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු අතර එම අභියාචනය සැලකිල්ලට ගැනීමෙන් පසු ඉන්දීය රජය විසින් ශාන්තන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර ලබාදුන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව ඉන්දීය රජයේ අනුමැතිය මත චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශාන්තන්ට විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණි.