ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටි ටී.සුරේන්ද්‍ර රාජා නොහොත් ශාන්තන් නැමැති අයගේ මළ සිරුර 03/01 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ , ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි.
ටී.සුරේන්ද්‍ර රාජා වැරදිකරු වී සිර දඩුවම් විදිමින් සිටි අතර , පසුව පොදු සමාවක් හිමි ඇති අතර , ඉන්පසුව සිය මව බැලීම සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට ඔහු සූදානමින් සිටියදී ඔහු දරුණු වකුගඩු රෝගයකට ගොදුරු වීමෙන් අනතුරුව ඉන්දියාවේ චෙන්නායි නුවර
" රජීව් ගාන්ධි " රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් තිබේ.
ඔහුගේ මළ සිරුර 03/01 දින දහවල් 11.35 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
මෙම මළ සිරුර භාර ගැනීම සදහා ඥාතීන් කීප දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටින අතර , මෙම සිරුර නිදහස් කිරීම සදහා අත්‍යාවශ්‍ය ලියකියවිලි කීපයක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අවශ්‍ය වී තිබේ .
එම ලියකියවිලි ලැබෙන තෙක් මෙම මළසිරුර 03/01 දින පස්වරු 03.30 වනවිටත් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ තබා තිබෙන අතර ජායාරූප ගැනීම සදහා මාධ්‍යවේදීන් හට අවස්ථාවක් ලබා දී නොතිබුණි .