ඉන්ධන සැපයීම සීමා සහිත වීම හේතුවෙන් රජයේ සේවකයන්ට ලබන සඳුදා (20දා) සිට සති දෙකක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න මහතා අද (17) පස්වරුවේ චක්‍රලේඛයක් නිකුත් කළේය.
පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පැවතීම සහ පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගෙන ප්‍රවාහන පහසුකම් සැලසීම ද දුෂ්කර කටයුත්තක් වීම සැළකිල්ලට ගෙන පසුගිය 15 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය මගින් සිකුරාදා දින නිවාඩුවට අමතරව ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් රජයේ නිලධාරීන් කාර්යාලවලට කැඳවීම සීමාකරන බව එහි සදඟන් වේ.
රජයේ කාර්යයන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා අවම කාර්ය මණ්ඩලය තීරණය කිරීම සහ අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ නිලධාරියෙක් එම නිලධාරියා පදිංචියට ආසන්නයේ අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ බලය අදාල අමාත්‍යංශයේ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන ප්‍රධානීන් වෙත පවරා තිබේ.
එම චක්‍රලේඛය පහතින්