ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලැබුණ පළමු ණය වාරිකයෙන් කොටසක් මාර්තු හා අප්‍රෙල් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් යොදා ගන්නා බව මහා භාණ්ඩාගාරය දන්වා ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ගාල්ලේ පැවැති වැඩසටනහකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මාර්තු මාසයට රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා හා වෙනත් එදිනෙදා වියදම් පවත්වාගෙන යාමේ වියදම් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා රුපියල් බිලියන 196ක්. බලාපොරොත්තු වන සියලුම ආදායම තියෙන්නේ බිලියන 173යි. එතකොට බිලියන 23ක් මාර්තු මාසය පවත්වාගෙන යන්න මදි.
ඒ අතර ගෙවිය යුතු බහුපාර්ශ්වීය ණය ගෙවන්න අවශ්‍යයි බිලියන 500කට වඩා වැඩි මුදලක්. මේ මාර්තු මාසයට බිලියන පන්සිය ගණනක් විතර අඩුයි.මේ ණය වලින් කොටසක්
මාස දෙකක වැටුප් ගෙවන්න තිබෙනවා අප්‍රේල් මාසයට. ඒ කියන්නේ මාර්තු මාසයේ වැටුපයි අප්‍රේල් මාසයේ වැටුපයි. මේ වැටුප් දෙක ගෙවීම සඳහා ලැබුණ ණයෙන් කොටසක් භාවිත කරන බව මහා භාණ්ඩාගාරය දන්වා තිබෙනවා.” යැයි අමාත්‍යවරයා පැවැසීය.