එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීම පිළිබඳ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ නිරීක්ෂණ මධ්‍යස්ථානය (සී.එම්.ඊ.වී.) සිය දැඩි අවධානය යොමු කරන බව නිවේදනය කර ඇත.
මුද්‍රිතා තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත වේලාවට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට රජයේ මුද්‍රණාලය ප්‍රතික්ෂේප කිරීම මීට හේතුව බව තමන්ට වාර්තා වී ඇති බව ඔවුන් පවසයි.
මෙම තීරණය පසුගිය ජනවාරි 31 වැනිදා සිට ජනාධිපතිවරයා විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ණය පදනම මත සේවා මිලදී නොගන්නා ලෙසට කළ නියෝගයට අනුකූලව මෙය සිදුකර ඇති බවද වාර්තා වන බව ඔවුන් පවසයි.
ඒ අනුව ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යන සම්පූර්ණ පිරිවැය කොමිෂන් සභාව විසින් ගෙවන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සිදුකිරීමට නොහැකි බවට රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යවා ඇති බවද ඔවුන් පවසයි.
තැපැල් ඡන්දයට මෙලෙස බාධා කිරීම එළඹෙන මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අගතිදායකව බලපෑ හැකි බව තමන් විශ්වාස කරන බවද සී.එම්.ඊ.වී. සිය නිවේදනයේ වැඩිදුරටත් දන්වා සිටියි.
ආණ්ඩුවේ ක්‍රියාකාරකම් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඡන්දදායකයින් හට බරපතන අවිනිශ්චිතතාවක් ඇති කරන අතරම, මෙය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති සියළුම පුරවැසියන්ගේ ඡන්ද අයිතිය සෘජුවම උල්ලංඝනය කිරීමක් බවද, මැතිවරණය පැවැත්වීමට සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම විධායකයේ වගකීම බවදස සී.එම්..ඊ.වී සිය නිවේදනයේ තවදුරටත් දන්වා සිටියි.
රජයේ මුද්‍රණාලයාධිපතිනියගේ හැසිරීම විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (2) වගන්තිය මගින් ප්‍රකාශිත මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සියළුම නීති ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම රාජ්‍යෙය් සියළුම බළධාරීන්ගේ යුතුකම වේය යන්න උල්ලංඝනය කිරීමක් බවත්, මෙම කාර්යයන් ඉටුකිරීම ප්‍රතික්ෂේප කිරීම හෝ අපොහොසත් වීම ආ.ක්ර. ව්යවස්ථාාවේ 104 උඋ වගන්තිය යටතේ අපරාධමය වරදක් බවත් සී.එම්.ඊ.වී. පෙන්වා දෙයි. එහෙඑයිව් මෙම ක්‍රියාවලිය අනතුරට හෙලන රජයේ මුද්‍රණාලය හා වෙනත් ඕනෑම පොදු අධිකාරියකට එරෙහිව අවශ්‍ය පිවයර ගන්නා ලෙස සී.එම්.ඊ.වී. මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.