ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගෙන ඇති දුෂ්කර, නමුත් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය රජයට ප්‍රශංසා කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සැසිවාරයට එක්වීමට ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සිටින අමාත්‍යවයරයා ඇතුළු දූත පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිස සමග පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡා පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.
එසේම හැකි ඉක්මනින් රට ස්ථාවර හා තිරසාර වර්ධන මාවතකට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට IMF හි කැපවීම සහතික කළ බවද අමාත්‍යවරයා පවසයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_80395d4bfd.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_4950fd0c3b.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_ddbdda5161.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_9855eb0323.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_0474455420.jpg)