පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ කුමන්ත්රණකරුවන් නිදැල්ලේ සිටියදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬ නගන පුද්ගලයන් මර්දනය කිරීමට ගනු ලබන උත්සාහයන් පිළිකුල් සහගත ලෙස හෙළාදකින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කළ ශෙහාන් මාලක ගමගේ මහතා පෙර දැනුම්දීමකින් තොරව පැහැරගැනීමක් ලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, ප්රජාතන්ත්රවාදී සමාජයකට කිසිසේත් නොගැළපෙන අශීලාචාර දාමරික ක්‍රියාවක් ලෙස අර්ථකථනය කරන බවත් අද (15දා) කොළඹ අගරදගුරු මැදුරේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළහ.
මෙම අත්අඩංගුවට ගැනීම නීතිපතිවරයාගේ උපදෙස් මත සිදුකර තිබෙන බවත්, නීතිපතිවරයා යනු මහජන සේවකයෙකු මිස දේශපාලන අතකොලුවක් නොවන බව ඔහුට සඳහන් කරන බවත් කාදිනල් හිමියෝ එහිදී පැවසූහ.
මේ අතර රජයේ පාර්ශ්ව මැතිවරණවලදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවට වූ පොරොන්දු ඉටු කරනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවත්, එසේ සිදු නොකරන්නේ නම් ජාත්‍යන්තර සංවිධාන හරහා එම සාධාරණය ඉටු කරගැනීමට සිදු වන බවත් කාදිනල් හිමියෝ එහිදී පෙන්වා දුන්හ.
ඒ අනුව මෙම ප්රශ්නය සම්බන්ධයෙන් කතෝලික සභාවට ජාත්‍යන්තරයට යෑමට සිදු වන්නේ නම් එහි වගකීම රජය විසින් භාරගත යුතු බවත්, රජය වර්තමානයේ සිදු කරන කටයුතු සම්බන්ධයෙන් තමන් වහන්සේ අතිශය කම්පාවට පත්වන බවත්මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවැසූහ.
"සජීවී වීඩියෝවක් මඟින් හෙළි නොකළා නම් රටට අද වනතුරුත් දැනගන්න ලැබෙන්නේ නැහැ ශෙහාන් මාලක කොහේද කියලා. වාසනාවකට ඔහුට ඒ ධෛර්යය තිබුණා පැහැරගෙන යද්දිත් සජීවීව එය රටට කියන්න. පොලීසිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න ශීලාචාර ක්‍රමයක් තිබෙනවා.
පොලිස් නිල ඇඳුමින් ඇවිත් තමයි එහෙම කරන්නේ. ඒ වගේම චෝදනාව මොකක්ද කියලා අදාළ චූදිතයාට කියනවා. නමුත් මෙතන කිසිදු පෙර දැනුම්දීමක් නැතිව පැහැරගැනීමක් ලෙස තමයි ඒ සිද්ධිය සිදු වුණේ. ඒ නිසා මේක ප්රජාතන්ත්රවාදී සමාජයකට කොහෙත්ම නොගැළපෙන අශීලාචාර දාමරික ක්‍රියාවක් ලෙස මම අර්ථකථනය කරනවා. ඒ නිසා අපි මේ ක්‍රියාව බලවත් ලෙස හෙළා දකිනවා.
මේ සිද්ධිය මගින් ශෙහාන් මාලක තරුණයාගේ මානව හිමිකම් උල්ලංඝනය වූ බව මම හිතනවා. මානව හිමිකම් ගැන ජිනීවාහි පැවැත්වෙන සමුළුවේ සහනයක් බලාපොරොත්තුවෙන් කරුණු ඉදිරිපත් කරන ආණ්ඩුව මේ වෙලාවේ මිනිසුන්ට කරන වින්නැහිය ඔළුව තිබෙන කෙනෙක් කරනවාද කියලා අපට ප්‍රශ්නයක් තිබෙනවා.
ප්රජාතන්ත්රවාදී රටක භාෂණයේ අයිතිය මානව හිමිකමක්. එය රැකගැනීමට අපි අපේ අධිකරණයේ පිහිට ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම අතිශයින් කම්පාවට පත්වෙනවා මේ රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව. පාස්කු ප්‍රහාරයේ කුමන්ත්රණකරුවන් නිදැල්ලේ සිටියදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා හඬ නගන අයව නිහඬ කර මර්දනය කරන්න ගන්න මේ උත්සාහයන් මම පිළිකුල්සහගත ලෙස හෙළා දකිනවා.
ඒ වගේම මාධ්‍ය‘වේදී චමුදිත සමරවික්‍රම මහත්මයාගේ නිවසට එල්ල කළ ප්‍රහාරයත් අපි දැඩි ලෙස හෙළා දකිනවා. අපි නීතිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙවැනි ක්රියාකලාපයක් නොවෙයි. ඔහු මහජන සේවකයෙක් මිස දේශපාලකයන්ගේ අතකොලුවක් නෙවෙයි කියලා මතක් කරන්න කැමතියි මේ අවස්ථාවේ.
පාස්කු කොමිසමේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න අසමත් නීතිපතිවරයා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලන අයව අත්අඩංගුවට ගන්න ක්‍රියාකරමින් සිටින බව අපට පේනවා. නීතිපතිතුමාට මම මතක් කරලා දෙන්න කැමතියි ඔහුට එවැනි අයිතියක් නැති බව. දේශපාලන ලෝකයේ අයගේ ඕනෑ එපාකම් පිරිමහන්න නෙවෙයි නීතිපතිවරයෙක් ඉන්නේ.
පොලිස්පතිවරයෙක් ඉන්නේ. ඔවුන් ඉන්නේ සමාජයේ ජනතාවට සේවය කරන්න සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන්න. ඒ වගකීම් ඔවුන් ඉටු කරන්නේ නැතිනම් ඒ ගැන අපිට මුකුත් කියන්න බැහැ. අපි ලැජ්ජාවට පත්වෙනවා ඒ කටයුතු පිළිබඳව.
රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස තර්ජනයට ලක්වෙමින් තිබෙන මේ අවස්ථාවේ පුරවැසි අයිතීන් සහ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් අපි අධිකරණයේ පිහිට පතනවා. මේ වෙලාවේ මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා රටේ ජනතාවට මේ රජය කරන කුමන්ත්රණකාරී වැඩ හඳුනාගෙන අවශ්‍ය වෙලාවට සුදුසු ප්‍රතිචාරය දක්වන්න කියලා" යනුවෙන් සඳහන් කළහ.