වර්තමානයේ රජය රට තුල සිදු කරනු ලබන කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත්, උඩරට එළවලු ගොවියන් හා තොඟ වෙළෙන්ඳන් මේ වනවිට දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව ඇතැයි හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.
නුවරඑළියේදි මාධ්‍යවේදීන් හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මෙසේ පැවසීය.
තවදුරටත් අදහස් දැක්වු රාධාක්‍රිෂ්ණන් මහතා,
මේ වනවිට රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න බැහැ. සුළු වෙළෙන්ඳන්ට නුවරඑළිය ආර්ථික මධ්යස්ථාවයට පැමිණ එළවලු මිලදී ගෙන රැගෙන යන්න ක්‍රමවේදයක් නැහැ. ගොවියෝ එක පැත්තකින් මේ වනවිට අස්වැන්න විකුණා ගත නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. ඒ වගේම තව පැත්තකින් වෙළෙන්ඳන් ගැටලු රැසකට මැදිව සිටිනවා. මේ නිසා රජයට ඉදිරියේදි විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදු වේවි.
බිත්තර ගොවියාත් දැන් ලොකු අසාධාරණයකට ලක්ව සිටිනවා. ඔවුන් බිත්තර අස්වැන්න වලවල්වලට දමා විනාශ කරන තත්ත්වයට පත්වෙලා. ඒ වගේම දැන් එළවලු අස්වැන්නත් වලවල්වලට දමන්නට ගොවියාට සිදුවන තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා ආණ්ඩුව මීට මැදිහත්ව කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා ඉල්ලනවා.
වාසුදේව නානායක්කාර මහතා කියනවා අපි කොහොම හරි මැතිවරණය පවත්වන බව. මේ අවස්ථාවේ මැතිවරණයකට ගියොත් ජනතාවගෙන් ගුටි කන්න තමයි වෙන්නේ. ඒ නිසා වාසුදේව මහත්තයෝ ඔබතුමාගේ ඡන්දය පස්සේ තියන්න. මේ වෙලාවේ ජනතාවට කන්න හා බොන්න දෙන්න. හිටපු මන්ත්‍රීවරුන්ට ජනතාවට වැඩක් කිරීමට හරියාකාර ඉඩක් දෙන්න. මේ කොරෝනා වසංගතයෙන් රට මිදුනට පස්සේ අපි ඡන්දය කරමු යයිද පැවසීය.
ශාන් හුලංනුගේ