2024 පළමු කාර්තුව තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පවමන්නේ මෙරට ප්‍රධාන ආදායම් ලබන ශ්‍රී ලංකා රේගුව, සුරාබදු සහ දේශීය ආදායම් යන දෙපාර්තමේන්තු උපයා ඇති ආදායම රුපියල් බිලියන 834ක් බවයි. එය අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 787ට වඩා 6%ක ආදායම් ඉලක්ක අභිබවා යාමක් බවද අමාත්‍යවරයා පවසයි.
2024 වසරේ පළමු කාර්තුව සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ රුපියල් බිලියන 381 ඉක්මවා 13%ක ආදායමක් ලබමින් රුපියල් බිලියන 430ක් උපයා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.
රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 353ක ඉලක්කය වෙත ළගා වීමට සමත් වී ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුව ද අදායම් ඉල්ලකවලින් 96%ක් ලබා ගනිමින් රුපියල් බිලියන 51ක ආදායමක් උපයා ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටී.
2024 වසර තුළ රජය රුපියල් බිලියන 4,106ක ආදායමක් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.