රජ සමයේ ඉඳි කරන ලද බොහෝ විශ්මිත නිර්මාණයන් අදටත් එපරිද්දෙන් දැක ගන්නට මෙරට වැසියන් හට භාග්‍ය හිමිව තිබේ. එවැනි බොහෝ ඉපැරණි ස්ථාන රැසක් රජ සමයේ පැවැති අයුරින්ම ඒවායේ ක්‍රියාකාරීත්වය එපරිද්දෙන්පැ වැතීම විශ්ම ජනකය. රජ දවසේ නිර්මාණය කරන ලද පරිද්දෙන් අදටත් ක්‍රියාකාරී මට්ටමේ පවතින පෞරාණික රාජකීය පිහිල්ලක් අදටත් සෙංකඩගල පුරවරයේ දැකිය හැකිය.
එකල රාජකීයන්ට දිය නෑම සඳහා කලු ගලින් නිර්මාණය කරන ලද රජපිහිල්ලක් නොහොත් රාජකීය ස්නානගාරයක්
මහනුවර නගරය සමීපයේ පිහිටා තිබේ. එහෙත් මෙම ඉපැරණි රජපිහිල්ල මහනුවර නගරයේ අසිරිය විඳීමට
පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසකගේ ඇස නොගැටෙන ස්ථානයක් බවට පත්ව තිබේ. එසේ හෙයින්
මෙකී ඉපැරණි රජපිහිල්ල නැරඹීමට බොහෝ පිරිසක් නොයන ස්ථානයක් බවට පත්ව ඇත. ඉතාමත් අතලොස්සක
පිරිසක් මහනුවර රජපිහිල්ල නැරඹීමට යන අතර, බොහෝ පිරිසක් මහනුවර නගරය සමීපයේ එවැනි ඉපැරණි රජපිහිල්ලක් තිබේද යන්න පවා නොදනිති. (I J)
ශාන් හුලංනුගේ