කරුවලගස්වැව 6 කනුව ප්රදේශයෙ දි ත්රි රෝද රථයක් අනතුරකට ලක් කර එක් අයකුට බරපතල තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා ගනනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනුන එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බංඩාර මහතාගේ පුත් යසෝධ රංගේ බංඩාර පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමේන් පසු ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කල වැඩ බලන මහෙස්ත්රාත් වරයා අදාල සැකකරුගේ රියදුරු බලපත්රය තාවකාලිකව අත් හිටුවිමට නියෝග කෙරුණී.
29 අලුයම පුත්තලම ප්රදේශයෙ සිට කරුවලගස්වැව තබ්බෝව බලා ඔහුගේ මෝටර් රථයෙන් ගමන් කරමින් තිබියදී කරුවලගස්වැව 6 කනුව ප්රදේශයෙදී ත්රි රෝද රථයක ගැටි දරුණු අනතුරක් සිදුව තිබුනී.
මෙම අනතුරීන් පසු එම ස්ථානයට පැමිනි රාජංගනය යාය හත ප්රදේශයෙ විහාරස්ථානයක හිමිනමකට අයත් සුභෝපභෝගී මෝටර් රථයකින් යසෝද රංගේ බංඩා පිටත්ව ගොස් ඇති බව කියයි.
අනතුරීන් තුවාල ලැබු ත්රි රෝද රථ රියදුරු එම ස්ථානයට පැමිනි පිරිස් විසින් කඩිනමින් පුත්තලම රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුනී.
කරුවලගස්වැව පොලිසිය මගීන් පසුව අත් අඩංගුවට ගත් යාසෝධ රංගේ බංඩාර පුත්තලම වැඩ බලන මහෙස්ත්රාත් වෙත ඉදිරිපත් කිරීම සිදුව තිබුනී.