ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර දෙකකින් දිර්ඝ කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය පිළිබඳ එළඹෙන සඳුදා(03දා) ප්‍රකාශයක් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
සියලු දෙනාගේ ප්‍රශ්න සඳහා එහිදී පිළිතුරු ලබා දෙන බව ද රංගෙ බණ්ඩාර මහතා පැවසුවේය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී 03 වැනිදා පෙරවරු 10ට එම ප්‍රකාශය සිදුකරන බව ද සඳහන් කළේය.සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (30දා) පැවති මාධ්‍ය හමුව අමතමින් පාලිත රංගෙ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
තමා කළ ප්‍රකාශය පිළිබද විවිධ පාර්ශ්ව විවිධ ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගෙන තිබෙන බව පැවසූ රංගෙ බණ්ඩාර මහතා, සිරිකොත මන්දිරය ඉදිරිපිටට පැමිණි අතිවිශාල හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් උද්ඝෝෂණයක්ද කළ බව ප්‍රකාශ කළේය.