හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සමග කොළඹ යූනියන් පෙදෙසේ රාත්රී සමාජ ශාලාවකට පැමිණි පිරිසක් ආරක්ෂක නිලධාරියෙකුට පහරදී ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය කියයි.
පහර දුන් එම පිරිස පලා ගොස් සැඟව ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
රාත්රී සමාජ ශාලාවලට ඇතුළු වීමට පෙර පළඳින අත්පලානාව සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියකු සමග ඇතිවූ කතාබහක් දුරදි ගිය යාමෙන් මෙන් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පහර දීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙහිවල හා අත්තිඩියෙහා තිඹිරිගස් යාය ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
