හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබා දීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝගය කර තිබේ.
ඒ අනුව රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.
අධිකරණය විසින් සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර, ඒ අනුව සෑම මසකම අවසන් ඉරිදා දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු බවටද නියෝග කර ඇත.