යුරෝපා කවුන්සිලය විසින් එල්.ටි.ටී.ඊ. සංවිධානයට පනවා ඇති තහනම තවත් මාස 6කට දිගු කිරිමට එම කවුන්සිලය කටයුතු කර තිබේ.
මෙම තහනම් කිරීමත් සමග එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුරෝපා සංගමයේ රටවල් අතර මුදල් එක් රැස් කිරීමට අවස්ථාව නොලැබෙන අතර ඔවුන් සතු වත්කම් ඇත්නම් ඒවාද තහනම් වෙනු ඇත.