කන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල යුද හමුදා නිලධාරීන් දෙදෙනකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට සොයා ගත් පුද්ගලයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ ඇත.
මෙම හමුදා නිලධාරීන් දෙදෙනා නිවාඩු ලබා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සිය නිවෙස් බලා පැමිණ සිටි අයවලුන් වන අතර ඔවුන්ව යලි කඳවුර වෙත කැඳවීමත් සමග ආපසු කන්දකාඩු බලා ගොස් ඇත.
කොරෝනා වෛරසය ආසාදිත බවට හෙළිවූ එක් යුද හමුදා සාමාජිකයකු ප්‍රතිකාර ලබා ගැනීම සදහා ගිය හෝමාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයා සහ සේවකයින් ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇත.