Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 23 වන ඉරිදා
2025 පෙබරවාරි මස 23 වන ඉරිදා
යුද්ධයේදී යුද හමුදාවට නායක්තවය දුන්නේ තමන් හෝ තම සහෝදරයා (හිටපු ජනපති මහින්ද රාජපක්ෂ) නොව එවක යුද හමුදාපති (එවක යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා) බව හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද (15දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ ශ්‍රී ලංකා වාර්තාකාරිණී මීරා ශ්‍රී නිවාසන් මහත්මිය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
Q යුද්ධයේදී ආරක්ෂක අංශ වෙත භාර වුණ මිනිස්සුන්ට මොකද වුණේ? ඔවුන් කොහෙද?
A ඔබ වැරදියට වටහාගෙන තිබෙන්නෙ. මම යුද හමුදාවට නායකත්වය දුන්නේ නෑ. මගේ සහෝදරයාත් නෙමෙයි.යුද හමුදාව මෙහෙයවන්නේ යුද හමුදාපතියි.
Q ඔබ අනිවාර්යනේම මේ ගැන දැනගත යුතුයි? මේ ප්රශ්නය අහන ජනතාවට ඔබ මොකක්ද කියන්නේ?
A මොකක්ද ප්රශ්නය
Q යුද හමුදාවට භාර වුණ මිනිස්සුන්ට මොකද වුණේ?
A යුද හමුදාවට භාර වුණ පුද්ගලයන් අපි පුනරුත්තාපනය කළා. ඔවුන් සමජයට ඒකාබද්ධ කළා. ඒ අයට රැකියා අවස්ථා දුන්නා. සමහර අය ආරක්ෂක අංශ වෙත බදවා ගත්තා.
මේ වගේ හොඳ පුනරුත්තාපන වැඩසටහනක් ක්‍රියාත්මක කළ ලෝකයේ වෙනත් රටක් නෑ. අපි ඔවුන්ව අත්අඩංගුවේ තබා ගත්තේ නෑ.
popular news
ලසන්ත Tuesday, 15 October 2019 06:44 PM
මැතිතුමණි එය එහෙමනම් එතුමා හිරකරන විට ඔබතුමා නිහඬවුනේ ඇයි කියනවද
Reply : 81 10
anon69 Tuesday, 15 October 2019 07:40 PM
සුක්ෂමව වගකීම අනෙක පිට පැවරීම මගින් තමන් කරනලද අපරාධ වලින් ගැලවීම.
Reply : 85 7
Champa Wednesday, 16 October 2019 09:43 AM
wooooooow මේ මොකක්ද කියන්නේ? දැන් ඉතින් මෙච්චර කල් යුද්ධය ඉවර කළා කියල මහින්දටයි ගෝඨාභයටයි දුන්නු ගෞරවය ආපහු ඇදල ගන්න වෙනවා. යුද්ධෙට ගියේ යුද්ධ කලේ හමුදාව මිසක් සීත කාමර වල ඉඳපු රජයේ නිලධාරීන්වත් දේශපාලන නායකයෝවත් නෙමෙයි කියලා පිළිගන්න වෙනවා. ගෝඨාභය පිළිගත්ත විදිහටම යුද්ධයේ සැබෑ ගෞරවය පරක්කු වෙලා හරි ඒ කාලේ හිටපු යුධ හමුදාපතිවරයාට ලැබෙන්න ඕනේ. ඒ මොකොද කිව්වා නම් යුද්ධයකදී තමන්ගේ හමුදාව ජයග්‍රහණය කරා ගෙනයක එක හැම හමුදාපතිවරයටම කරන්න බැරි ඉතා දුෂ්කර විරල කාර්යයක් නිසා. දැන් ගෝඨාභය මේක කිව්වේ ඒ ගෞරවය දෙන්නද? නැහැ. එයා මේක කිව්වේ යුධ අපරාධ වල වගකීම යුධ හමුදාපතිවරයා පිට පටවල නිදහස් වෙන්න. ෂික් අන්තිම කැතයි. එකට යුද්ධ කළා නම් එකට ජයග්‍රහණය භුක්ති වින්ද නම් ත්‍රස්තවාදීන්ව පරාජය කිරීම නිසා කෝපවූ කොටි ඩියස්පෝරාව සහ TNA කරන බොරු චෝදනා වලදී පෞද්ගලික එදිරිවාදිකම අමතක කරලා රට වෙනුවෙන් එක මතයක ඉන්න ඕනේ. පොහොට්ටුවේ අපේක්ෂකයා බලයට ආවොත් UN එකට හොඳ වෙන්න අනිවාර්යයෙන්ම යුධ හමුදාවේ කිහිපදෙනෙක් හිරේ දමයි. මම කියන්නේ මේකයි යූඑන්පී එකෙයි පොහොට්ටුවෙයි මට නම් වෙනසක් පෙන්නේ නැහැ කියලා.
Reply : 135 145
Deepal Nirosh Wednesday, 16 October 2019 02:44 PM
යුද්ධයේ දී අතුරුදහන් වූ හෝ මියගිය හෝ පුද්ගලයෙකු පිළිබඳ තමුන්ට ගැටළුවක් වේ නම් ඒය අදාළ කාර්යාංශයට පැමිණිලි කළ යුතුයි. මොහු දැන් ආරක්ෂක ලේකම් හෝ හමුදා නිලධාරියෙකු හෝ නොව ජනාධිපතිවරණ අපේක්ෂකයායි. මොහුගෙන් ඇසිය යුත්තේ යටගිය දවසක අවසන් කළ 30 වසරක යුද්ධය ගැන නොව තමා ජනාධිපති වුවහොත් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩ පිළිවල ගැනයි. යුධ අපරාධ කළ කවුරුන් හෝ වෙතොත් ඔවුනට පැමිණීලි විභාග කර තරාතිරම නො බලා දඬුවම් කළ යුතුයි. හැබැයි මේ කවුරුවත් 2010 දි සරත් ෆොන්සේකා ගෙන් නම් මෙවැනි ප්‍රශ්න ඇහුවේ නැහැ.
Reply : 36 35
Hubert Wednesday, 16 October 2019 02:58 PM
අසන ප්‍රශ්නයට පිළිතුරු නේ වෙල්වටරම් ගස නොමග යවනවා
Reply : 40 2
sajith Wednesday, 16 October 2019 04:37 PM
වැරදි ප්‍රශ්නයට දුන් හරි පිළිතුරක්
Reply : 1 152
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd