දිස්ත්‍රික්ක 15 ක් තුළ තිබෙන වී ගබඩා 84ක් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් භාවිතයට සුදුසු අයුරින් යථාතත්වයට පත් කිර තිබෙන බව යුද හමුදා මුලස්ථානය සඳහන් කරයි.
මෙවර කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, එම වී මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී ගබඩා තුළ ගබඩා කිරීමට රජය විසින් සැලසුම් කර තිබේ.
එලෙස වී ගබඩා කිරීමට නියමිත වී අලෙවි මණ්ඩලයට අයත් වී ගබඩා හා ඒ අවට භූමිය දීර්ඝ කාලීනව භාවිත නොකිරීම හේතුවෙන් භාවිතයට සුදුසු අයුරින් පිරිසිදු කිරීමට සහ සුළු අලුත්වැඩියා සිදු කිරීමට සිදුව තිබුණි.
මේ අනුව ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මේ මස 18 වැනි දින සිට අද ( 27 වන දින) දක්වා සියලු ආරක්ෂක සේනා මූලස්ථාන විසින් දීපව්‍යාප්ත වී ගබඩා පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබිණ.
එම වැඩසටහනට අනුව අද දිනය වනවිට යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානයන්හි අධීක්ෂණයෙන් සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් වී ගබඩා 84ක් භාවිතයට සුදුසු අයුරින් පිරිසිදු කර යථාතත්වයට පත් කිරීමට කටයුතු කර තිබේ.
මෙම වැඩසටහන කිළිනොච්චිය, මන්නාරම, මුලතිව්, අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, මහනුවර, මාතලේ, බදුල්ල, මොණරාගල, කොළඹ, කුරුණෑගල, රත්නපුර, හම්බන්තොට සහ මාතර ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 15 ක් තුලළ සිදු කළ බව යුද හමුදා මුලස්ථානය සඳහන් කරයි.