යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පෙර කළ ප්‍රකාශයක් ඔහුගේ රුව සහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සති අන්ත පුවත්පතක පළ කළ දැන්වීම පිළිබඳව යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කරනු ඇතැයි තමන් බලපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද (16දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ එම දැන්වීම වැරදි දැන්වීමක් බවයි. එසේම යුද ජයග්‍රහණය කිසියම් පක්ෂයකට අයිති නොමැති බවත් එය රටට අයිත් බවත් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.
"යුද හමුදාපතිගේ ප්‍රකාශය ගැන දැන්වීම වැරදියි. අපි ඒ ගැන ඒ පක්ෂයට දැන්වූවා. ජනාධිපති ලේකම්වරයාටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මේ ගැන කරුණු දක්වන්න කියලා අපි ලිපි යොමුකළා. .
මේක කිසිඳු යහපත් දේශපාලනයකට අනුගත වෙන්නේ නෑ. මේ කරුණ ගැන අපි හිතනවා ලුතිනන් ජනරාල්වරයා ප්‍රකාශයක් නිකුත් කරයි කියලා. එහෙම කළේ නැත්නම් අපිට කියන්න තිබෙනවා එය එතුමා අනුමත කළා කියලා.
විශ්‍රාමික හමුදා නිලධාරියෙක් නිල ඇදුමින් සිටින දැන්වීමක් පළ කරන්න බෑ. යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් සෑම පක්ෂයකට අයත් අය දායක්තවය දැක්වූවා. යුද ජයග්‍රහණය රටේ එකක් මිස පක්ෂයක එකක් නෙමෙයි."
