යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වැල්වැටිතුරය පොලිසීය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී වැල්වැටිතුරය තික්කම් වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ රුපියල් මිලියන 13.5 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ ග්රෑම් 70 ක් පමණ (පාර්සල් 33 ක්) 2025 මාර්තු මස 27 දින අළුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂෑණ කටයුතු සඳහා වැල්වැටිතුරයපොලිස් ස්ථානයට භාර දී ඇත.
