පුත්තලම මුලික රෝහලින් කුරුණැගල යැවු රෝගින් දෙදෙනාගෙන් මුස්ලිම් ජාතිකයා කොරෝනා අසාදිතයකු බවත් යුද හමුදා නිලධාරියා ආසාදිතයකු නොවන බව වෛද්‍ය පර්යේෂණ වලින් සනාථ කර ඇති බව පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි .
මෙසේ අසාදිතයකු බව තහවුරු වි ඇත්තේ පුත්තලම කඩුමයන්කුලම් විදියේ පදිංචි 50 හැවිරිදි විවාහක මුස්ලිම් ජාතිකයකු බව පැවසේ.
අදාළ අසාදිත පුද්ගලයා ඉන්දුනිසියා හා තායිලන්තයේ සංචාරයක නිරත වි පසුගිය මාර්තු 17 වන දින ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පැවසෙයි .
පසුව ආගමික කටයුතු සදහා පුත්තලම නගරයේ දේවස්ථාන වලට සහභාගිවි ඇති බවද පැවසේ.
කෙසේ නමුත් අදාල තැනැත්තා ඊයේ (27) දින පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමේන් පසුව කුරූණැගල ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව වෛද්‍ය පර්යේෂණ මගින් සනාථ වි ඇත.
කෙසේ නමුත් මේ පුද්ගලයා සමග කුරුණැගල ශීක්ෂණ රෝහලට යැවු සැක සහිත අනෙක් රෝගීයා වු තබ්බෝව යුද හමුදා කඳවුරේ යුද හමුදා කොප්‍රල්වරයා කොරෝනා අසාදිතයකු නොවන බවට වෛද්‍ය පර්යේෂණ මගින් සනාථ කර ඇති බව පුත්තලම රෝහල් අධ්යක්ෂවරයා පැවසිය .