යුක්තිය මෙහෙයුම් යටතේ ඊයේ (26) දිනය වන විට සැකකරුවන් අසුතුන්දහසක් (83.000) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති නිතිඥ නිහල් තල්දුව මහතා සදහන් කලේය
මෙම මෙහෙයුම් යටතේ කැලැබද ප්‍ර දේශවල වගා කර තිබු ගංජා පැල හතලිස් දෙලක්ෂ දහසය දහසක් විනාශ කර තිබෙන බවත් යුක්තිය මෙහෙයුම් යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන මත්ද්‍රව්‍යවල වටිනා කම රුපියල් මිලියන නවදහසකට(9000) වැඩි බවද පවසා සිටියේය
මේ අනුව හෙරොයින් කිලෝ 155 ක් අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 230 ක් ගංජා කිලෝ 4115 ක් හා වෙනත් මත්ද්‍රව්‍ය කිලෝ 509 ක් මත්පෙති පන්ලක්ෂ හැත්තතුන්දහසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 2932 කට රැදවුම් නියොග ලබාගෙන ඉදිරිපරික්ෂණ කටයුතු සිදුකරන බවද පැවසිය.
මිට අමතරව 364 දෙනෙකුට එරෙහිව වත්කම් විමර්ශන ආරම්භ කර තිබෙන බවත් පුනුරුත්ථාපනය සදහා 2502 ක් යොමු කර තිබෙන බවත් නිති විරෝධි වත්කම්වලින් උපයා ගත් රුපියල් මිලියන 725 කට දේපල සොයාගෙන තිබෙන බවද පවසා සිටියේය
විෂමත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා බෙදා හරිනන්ගේ ජාලය මර්ධනය කර අත්අඩංගුවට ගැනිම සදහා හා සංවිධානත්මක අපරාධ කරුවන් අත්අඩංගුවට ගැනිම් සදහා පසුගිය වසරේ දෙසැම්බර් 17 වන දින සිට දිවයිනම ආවරණය වන පරිදි යුක්තිය මෙහෙයුම අරම්භ කරනු ලැබිණි